මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මාවතගම පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරි කළ උප පොලිස් පරීක්ෂකවරයෙක් සහ දොරටියාව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ සැරයන්වරයෙක් මෙලෙස ඊයේ දිනයේදී අත් අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම සැකකරුවන් තවදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ තබාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.

WhatsApp Group

Skip to content