සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “ඩුබායි දනුෂ්ක ගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවරම මෙහෙයවන ප්‍රධාන ගෝලයන් දෙදෙනෙකු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබෙනවා.
අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 200යි මිලි ග්‍රෑම් 590ක් සමග මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පෙරේදා වැල්ලම්පිටිය පොලිස් වසමේ අංගොඩ හා වැල්ලම්පිටිය ප්‍රදේශවල සිදුකරන ලද වැටලීමකින්.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22, 32 වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙක්












