මට්ටකුලිය ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.
කෙසේ වෙතත් එම වෙඩිප්‍රහාරයෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.
ඊයේ පස්වරුවේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මට්ටකුලිය අලිවත්ත ප්‍රදේශයේ මෙම වෙඩිතැබීම සිදුකර තිබෙනවා.
මෙලෙස වෙඩි ප්‍රහාරයට ඉලක්ක වූ පුද්ගලයා පසුව මට්ටක්කුලිය පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබා දුන් බවද පොලීසිය ප්‍රකාශ කළා.
එමෙන්ම මෙලෙස වෙඩි තැබීමට පැමිණි පුද්ගලයන් හඳුනාගෙන ඇති අතර, ඔවුන් ප්‍රදේශයෙන් පලාගොස් තිබෙනවා.
මේ අතර මෙම වෙඩි ප්‍රහාරයට ඉලක්ක වූ පුද්ගලයාගේ ඥාතීන් විසින් වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි පුද්ගලයන් දෙදෙනාගේ ඥාතීන්ගේ නිවෙස් වලට ප්‍රහාර එල්ල කරමින් අලාභ හානී සිදු කර තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරන බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.
උණුසුම් පුවත්
- නීති විරෝධීව ඉන්ධන ලීටර් 5470ක් ළඟ තබාගත් අයෙක් අත්අඩංගුවට
- පළාත් දෙකකට සහ දිස්ත්‍රික්ක තුනකට විශේෂ නිවේදනයක්
- ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක්
- බස් ගාස්තු වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට
- IOC යේ තෙල් මිල ආයේ වෙනස් වෙයි
- නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට
- සමාජ්‍ය මාධ්‍යයෙන් බොරු කිව්ව අයෙක් අත්අඩංගුවට
- හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි














