භූතාන රාජධානිය විසින් ශ්‍රී ලංකාවේ අයහපත් කාලගුණයෙන් හේතුවෙන් ඇති වූ ආපදාවෙන් නැවත යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන් සඳහා සහාය වීම පිණිස ඇමරිකානු ඩොලර් 200,000 ක් පරිත්‍යාග කර තිබෙනවා.
ඒ ඩකා හි නේවාසිකව සිටින ශ්‍රී ලංකාවේ භූතාන රාජධානියේ තානාපති Karma Hamu Dorjee මහත්මිය විසින්.
ඊයේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා වෙත නිල වශයෙන් මෙම පරිත්‍යාගය සිදු කෙරුණා.











