භාවිතයට නුසුදුසු බිත්තර සහිත කන්ටේනර් 2 ක් කොළඹ වරායට පැමිණ තිබෙන බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා පවසනවා.
කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සදහන් කළේ.
ඒ අනුව මෙම කන්ටේනර් දෙකෙහි අඩංගු භාවිතයට නුසුදුසු බිත්තර විනාශ කිරීම සම්බන්ධයෙන් අදාළ නිලධාරින් වහාම ප්‍රකාශයක් කළ යුතු බවද අසේල සම්පත් මහතා සදහන් කළා.