බොරැල්ල, කනත්ත හන්දිය ප්‍රදේශයේ දී අද පෙරවරුවේ සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා.
එමෙන්ම තවත් පුද්ගලයින් පස්‍දෙනෙකුට වැඩි පිරිසක් මෙම අනතුර හේතුවෙන් තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා.
තිරිංග නිසිලෙස ක්‍රියාත්මක නොවූ දොඹකරයක් තවත් වාහන කිහිපයක ගැටී මෙම අනතුර සිදුව තිබුණා.
අනතුරින් තුවාල ලැබූ පිරිස මේ වන විට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.