බොරැල්ල, හල්ගහකුඹුර ප්‍රදේශයේදී ටී56 ගිනි අවියකින් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ සිද්ධියට අදාළව සිදු කරනු ලබන විමර්ශන අනුව අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනුණු බවයි.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සහ බොරැල්ල පොලිසියේ නිලධාරීන් විසින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබනවා.
ජුනි මස 04 වනදා සිදු වූ අදාළ වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් වයස අවුරුදු 18 සහ 19 යන වයස්වල පසුවන අයවළුන් බවයි පොලිසිය කියා සිටියේ.
එම සැකකරුවන් දෙදෙනා බොරැල්ල සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.
කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අපරාධය සඳහා අනුබලදීම සම්බන්ධයෙන් මෙම සැකකරුවන් ඊයේ(04) රාත්‍රී කාලයේදී බොරැල්ල සිරිසර උයන හා වැල්ලම්පිටිය සේදවත්ත යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක් අපරාධයට යොදාගත් යතුරු පැදියේ පැදිකරු බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් හය දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර බොරැල්ල පොලිසිය සහ කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.