\ලෝක වෙළද පොළේ බොරතෙල් මිල නැවත වරක් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව ඩබ්ලිව්. ටී. අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 81 යි ශත 74 ක් ලෙසයි.
එය සියයට එකයි දශම බින්දුවයි හතරක ඉහළ යෑමක් බව සඳහන්.
එමෙන්ම බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිලද සුලු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා.
එම තෙල් බැරලයක මිල මේ වනවිට දැක්වෙන්නේ ඩොලර් අසූ හයයි ශත තුනක් ලෙස වන අතර එය 1.4%ක ඉහළ යෑමක්.