බන්ධනාගාරය තුළ සිදුකරන දැඩි සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 5දෙනෙකු විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.
ඔවුන් අද උදෑසන සිට බන්ධනාගාරයේ වහළය මත නැග විරෝධතාවයේ නිරතවෙන බවයි වාර්තා වුණේ.
සවස 6න් පසුව සෝදිසි කිරීම් නොකරන ලෙස ඔවුන් ඉල්ලා සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.