ගාල්ල බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ විශේෂ සොදිසි මෙහෙයුමක් සිදුකර තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් බන්ධනාගාරයේ සිර මැදිරි කිහිපයක් මෙලෙස විශේෂ පරීක්ෂාවට ලක්කළා.
මෙහිදී සිම්පත් සහ ඡංගම දුරකතන කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අනෙකුත් බන්ධනාගාර තුළ ද මෙවැනි හදිසි වැටලීම් සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කළේ.














