බිත්තර වී නිෂ්පාදන ගොවිපළවල සිදු කෙරෙන වී වගාව රක්ෂණය කිරීම සඳහා රක්ෂණ සැලසුමක් සකස් කර තිබෙනවා.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සදහන් කලේ ගොවි ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම් පදනම් කරගෙන මෙම රක්ෂණ ක්‍රමය සකස් කර ඇති බවයි.
මෙහිදී වගා කරන ලද බිත්තර වී වගාවට ගංවතුර, නියඟය, රෝග, කෘමි හානි, ස්වභාවික විපත් සහ වන අලි හානිවලින් සිදුවන හානි ආවරණය කර තිබෙනවා.
එමෙන්ම අක්කර 01ක් සඳහා කන්නයකට රුපියල් 13,600 වාරික මුදලක් ගෙවීමෙන් අක්කරයකට රුපියල් එක්ලක්ෂ 80,000ක වන්දි මුදලක් ලබාගත හැකි බවයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කලේ.
මෙම බිත්තර වී ගොවිපළවලවලට රක්ෂණාවරණ ලබා ගැනීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ සේවයේ ලියාපදිංචි වී තිබීම අනිවාර්ය බවද එම මණ්ඩලය පවසනවා.








