බිත්තර සඳහා ලබා දී ඇති උපරිම සිල්ලර මිල ඉවත් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා .
බිත්තර නිෂ්පාදකයින් සහ කුකුළු කර්මාන්තකරුවන් හා බලධාරීන් අතර අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී මේ පිළිබඳ අවධානය යොමුව ඇති බව සඳහන්.
එමෙන්ම උපරිම සිල්ලර මිල ඉවත් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.
මේ අතර වැඩි මිලට බිත්තර අලෙවි කළ වෙළෙදසැල් 29කට එරෙහිව නඩු පවරා තිබෙනවා.
වැඩිමිලට බිත්තර අලෙවි කළ වෙළෙදසැල් මගින් රුපියල් ලක්ෂ 41ක දඩ අයකරගෙන තිබෙනවා.
බිත්තර සදහා පාලන මිලක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය විසින් පසුගියදා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා.
උණුසුම් පුවත්
- මැදින් පෝ දින සිරිපා කරුණාවට විශාල පිරිසක්
- කුවේටයේ එක්සත් ජනපද තානාපති කාර්යාලය ආසන්නයෙන් දුම් නගී
- ඊශ්‍රායලයෙන් ලෙබනනට එල්ල වූ ප්‍රහාරයකින් 31ක් මරුට
- පුරාවස්තු සෙවූ සැකකාරියක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
- අද දවසේ කාලගුණ තත්ත්වය
- මැදින් පුර පසළොස්වක පොහොය අදයි
- දිස්ත්‍රික්ක 4ක පස්වරු 2න් පසු වැසි ස්වල්පයක්
- ජින්තුපිටිය වෙඩිල්ලට සැකපිට සැකකරුවෙක් සහ සැකකාරියක් අත්අඩංගුවට













