ලන්ඩන් – වේල්ස් කුමරිය වන කේට් මිඩ්ල්ටන් හට පිළිකාවක් වැළදී ඇතිබව ඇය නිවේදනය කළා .
කෙසේ වෙතත් තමන් ඒ සදහා ප්රතිකාර ලබාගන්නා බවයි විශේෂ වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් ඇය කියාසිටියේ .
කේට් කුමරිය පසුගිය ජනවාරි මාසයේදී උදර සැත්කමකට ද මුහුණ දුන්නා.
මේ අතර ඇගේ මාමණ්ඩිය වන චාල්ස් රජු ද පිළිකාවක් සදහා ප්රතිකාර ලබමින් සිටිනවා .