පෞද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටිමෙන් අද දින සිදු වු අනතුරකින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් කාන්තාවක් තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පවසනවා
මෙම අනතුර සිදු වි ඇත්තේ අද උදැසන 7 ට පමණ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය මංසන්ධියේදි
දික්ඔය මුලික රෝහලේ සිට දික්ඔය ඇන්ෆිල්ඩ් දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක් දික්ඔය මංසන්ධියේදි එකවරම අතුරු මාර්ගයට හැරවිමත් සමග ඊට පිටුපසින් නොර්වුඩ් සිට හැටන් දක්වා ධාවනය වු බස් රථයේ ගැටි ත්‍රිරෝද රථය මාර්ගය හරහා පෙරලි මෙම අනතුර සිදු වි ඇති බවයි වාර්තා වෙන්නේ
අනතුරෙන් ත්‍රිරෝද රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති අතර, බස් රථයේ රියදුරාසැකපිට අත්අඩංගුවට ගත් බවයි අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන හැටන්පොලිසිය පවසා සිටියේ