සේරුනුවර, මහින්දපුර හන්දිය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් මහමග පෙරළී යාමෙන් අද(25) උදෑසන 7.15ට පමණ අනතුරක් සිදුව තිබෙනවා.
මෙලෙස අනතුරකට ලක්ව ඇත්තේ අක්කරෙයිපත්තුව සිට ත්‍රීකුණාමලය දක්වා ගමන්ගත් සුඛෝපභෝගි බස් රථයක් බවටයි වාර්තා වන්නේ.
බස් රථය අනතුරකට ලක්වන අවස්ථාවේදී බසයේ මගීන් 21 දෙනෙක් පමණ ගමන් කරමින් සිට තිබෙනවා.
අනතුරින් බස් රථයේ සිටි 14 දෙනෙක් තුවාල ලබා සේරුනුවර රෝහලට සහ මුතූර් රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් සේරුනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.













