ජුලි මස පළමු වැනිදා සිට බස් ගාස්තුව 2.5%කින් පහත දමන බව ජාතික ප්‍රවාහන කොමිසන් සභාව පවසනවා.
කෙසේ වෙතත් අවම බස් ගාස්තුව සහ දෙවන ගාස්තුවෙහි වෙනසක් නොවනු ඇති බවටයි වාර්තා වන්නේ.
ප්‍රවාහන අමාත්‍යවරයා, ප්‍රවාහන අමාත්‍යංශ නිලධාරීන් සහ බස් සංගම් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරු මේ බව දන්වා තිබෙනවා.
අදාළ සාකච්ඡාව අද පස්වරුවේ පැවැතියේ ජුලි පළමු වැනිදා සිදු කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි.
මේ අතර රජයේ මෙම යෝජනාවට බස් සංගම් අකමැත්ත ප්‍රකාශ කර ඇති බවටයි වාර්තා වන්නේ.
බත්තරමුල්ල මගනැගුම කාර්යාලයේදී මෙම සාකච්ඡාව පවත්වා තිබෙනවා.
එහිදී අදහස් දැක්වූ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා ඇත්තේ වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සකස් කිරීමේදී ඉන්ධන සූත්‍රය ක්‍රියාත්මක නොවූ බවයි.
එම නිසා යම් හෙයකින් ජුලි මස ඉන්ධන ගාස්තු මිල සංශෝධනයේදී ඉන්ධන මිල ඉහළ ගියහොත් බස් හිමියන්ට ගැටලු මතුවන බවද විජේරත්න මහතා පවසනවා.