පසුගිය වසර තුල ආනයන හා අපනයන පාලන බලපත්‍ර නිකුත් කිරිම මගින් රුපියල් බිලියන 3.7ක ආදායමක් උපයා ගැනීමට ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව සමත්ව තිබෙනවා.
2024 වර්ෂයේ සිය කාර්යය සාධන වාර්තාව එළිදක්වමින් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ එය 2023 වර්ෂයට සාපේක්ෂව සියයට 13ක වැඩිවීමක් බවයි.
පසුගිය වර්ෂය තුළ නිකුත් කර ති ආනයන හා අපනයන බලපත්‍ර සංඛ්‍යාව 17,010ක් .
ඉන් වැඩිම බලපත්‍ර සංඛ්‍යාවක් ජංගම දුරකථන හා සන්නිවේදන උපකරණ හා වෙනත් උපකරණ ආනයනය කිරීම සඳහා නිකුත් කර තිබෙනවා .
ඊට අමතරව රසායනික ද්‍රව්‍ය, පොහොර, පළිබෝධනාශක, කාර්මික අමුද්‍රව්‍ය ආනයනය සහ අපනයනය සඳහා ද බලපත්‍ර නිකුත් කිරීම ද පසුගිය වසරේ ඉහළ ගොස් තිබුණා.
2024 වර්ෂයේ ජුනි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා බඩ ඉරිගු මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් සත්ත්ව ආහාර නිෂ්පාදනය සඳහා ආනයන බලපත්‍ර ලබාදීමට ද අනුමැතිය ලබා දී මටයි කටයුතු කර ඇත්තේ .
අනුව එම කාලය ඒ සදහා තුළ නිකුත් කර ඇති ආනයන බලපත්‍ර ප්‍රමාණය 2,222ක් .
ඊට අමතරව දේශීය පරිභෝජනය සඳහා ලෙලි කජු මෙට්‍රික් ටොන් 15,000ක් ආනයනය කිරිමට බලපත්‍ර ලබා දී ඇති අතර එය ද 2023 වර්ෂයට සාපේක්ෂව වැඩි අගයක් ගෙන තිබෙනවා
තේ කොළ ආනයනය සඳහා ද පසුගිය වසරේ බලපත්‍ර 687ක් ලබා දී ඇති අතර එය ද 2023 වර්ෂයට සාපේක්ෂව වර්ධනයක් බවයි ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව සිය කාර්යය සාධන වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ.