බන්ධනාගාර දෙපාර්තමේන්තුව සංවිධානය කරන 2025 සිරසර ශිල්ප ප්‍රදර්ශනය අද දියත උයනේදී ආරම්භ වුණා.
මේ සදහා මෙරට බන්ධනාගාර කිහිපයක් එක්වී සිටියා .
දින තුනක් පුරාවට මෙම ප්‍රදර්ශනය පැවැත්වීමට නියමිතයි.
පුනුරුප්තාපනය කල සිරකරුවන්ගේ කුසලතා එළිදැක්වීමක් වශයෙන් මෙය පවත්වනු ලබනවා.
එහිදී අදහස් දක්වමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසුවේ පුනුරුත්තාපනය කිරීමෙන් අනතුරුව සිරකරුවන් කල යුතු දේවල් පිලිබදව ඉගැන්වීම අමාත්‍යංශයේ වගකීම බවයි .