සුළු වැරදි සඳහා බන්ධනාගාරගත වන රැදවියන් වෙන් කර තැබීමට නව වැඩපිළිවෙක් සකස් කරන බව අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.
බරපතල අපරාධකරුවන් සහ සුළු වැරදි සඳහා බන්ධනාගාරගතවන රැදවියන් මිශ්රවීම වළක්වා ගැනීම සදහායි මෙම නව වැඩපිළිවෙල සකස් කර ඇත්තේ.
මේ අතර නව ප්රතිත්රත්ත පනත ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි සකස් කරගත් පනතක් බවට ජාතික ජන බලවේගය චෝදනා කරනවා.
කොලොන්නාව ප්‍රදේශයේ පැවති ජන හමුවකදී නීතිඥ සුනිල් වටගල මහතා කියා සිටියේ නව පනතේ වැඩි බලයක් ජනාධිපතිවරයා විසිල් ලබාගෙන ඇති බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා ද නව ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් මෙලෙස අදහස් පලකළා.