මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන මර්වින් ජානා නමැත්තාගේ සමීපතමයෙක් වන බඩෝවිට ආශා නමැති කාන්තාව මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්යාංශයට ලැබුණු තොරතුරකට අනුව බඩෝවිට ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී එම කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
ඇය ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 60 ක් සොයා ගැනීමට හැකිවූ බව දෙහිවල පොලිසිය සඳහන් කළා.
එම සැකකාරිය මර්වින් ජානා නමැත්තාගේ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරම්වලට සම්බන්ධ බවටයි තොරතුරු හෙළිව තිබෙන්නේ.
එම සැකකරු මේ වන විට විදේශයකට සැඟවී සිටින බවටත් විමර්ශනවලදී තහවුරු වුණා.