බටහිර ඇෆ්ගනිස්ථානයේ සිදු වූ බස්රථ අනතුරකින් පුද්ගලයින් 73 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉන් 17 දෙනෙකුම කුඩා ළමුන් බව විදෙස් මාධ්‍ය පවසන්නේ.
කාබුල් බලා ගමන් කරමින් සිටි මෙම බස් රථය ඊයේ රාත්‍රියේ හේරාත් පළාතේදී ට්‍රක් රථයක සහ යතුරුපැදියක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.
අනතුරට ලක් වූ බස් රථය ගිනි ගැනීමට ද ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
බස්රථයේ ගමන් ගත් මගීන්ගෙන් වැඩි දෙනෙකු ඉරානයෙන් පිටුවහල් කරන ලද ඇෆ්ගන් සංක්‍රමණිකයන් බව ද සඳහන්.
බස්රථයේ සිටි මගීන් සියලුදෙනාම මිය ගොස් ඇති අතර ට්‍රක් රථයේ සහ යතුරුපැදියේ පැමිණි දෙදෙනෙකු ද මිය ගොස් තිබෙනවා.
හේරාත් පොලීසිය පවසන්නේ බස්රථ රියදුරුගේ අධික වේගය සහ නොසැලකිල්ල හේතුවෙන් මෙම අනතුර සිදු වූ බවයි.