බස් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.
මීරිගම – පස්යාල ප්‍රධාන මාර්ගයේ මල්ලැහැව ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරු පැදියේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනා වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
රෝහල් ආරංචි මාර්ග කියා සිටියේ එම පුද්ගලයන් දෙදෙනා මියගොස් ඇති බවයි.
අමිතිරිගල සහ දෙහිඕවිට ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 25ක් සහ 35ක් පමණ වන පුද්ගලයන් දෙදෙනෙක් මෙලෙස මියගොස් තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පල්ලෙවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.