ඉදිරි මැතිවරණවලට නාම යෝජනා ලබාදීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ඉදිරිපත් වන අපේක්ෂකයන්ගෙන් පොලිස් වාර්තාවක් ලබාගැනීම අනිවාර්ය කර ඇති බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ කිසිවෙකුට තම පක්ෂයේ නාමයෝජනා ලබානාදෙන බවද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියා.
එසේම නාමල් රාජපක්ෂ මහතා පවසන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කටයුතු කරන අනෙකුත් දේශපාලන පක්ෂ මෙන්ම වමේ අනෙකුත් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කොට නාමයෝජනා ලබාදීමේදී සුදුසු පුද්ගලයන් පමණක් තෝරා ගැනීමට විධිමත් ක්‍රමවේදයක් සකසන බවයි.