පොලිස් පරීක්‍ෂකවරුන් 51 දෙනෙක් සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබෙනවා.
තරග විභාගයෙන් විශිෂ්ඨ දක්ෂතා දැක්වූ නිලධාරීන්ට මෙම උස්වීම් ප්‍රදානය කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා පවසන්නේ.
තරග විභගාය 2023 වසරේදී පවත්වා තිබෙනවා.
ඊට පොලිස් පරීක්ෂකවරුන් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 2000කට ආසන්න පිරිසක් පෙනී සිට ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව විභාගයෙන් විශිෂ්ඨ ලෙස සමත් වූ නිලධාරීන් 51 දෙනෙකුට ජාතික පොලිස් කොමිසයේ අනුමැතියෙන් පසුව සහකාර පොලිස් අධිකාරි තනතුරට නිල වශයෙන් පත් කර තිබෙනවා.