තිස්සමහාරාම පන්නගමුව ප්‍රදේශයේදී පොලිස් ජීප් රථයක් පැහැර ගැනීමට ලක්ව තිබෙනවා.
පන්නගමුව ප්‍රදේශයේ ඇති වූ ආරවුලක් සමථයකට පත් කිරීම සඳහා පොලිස් නිලධාරීන් හතර දෙනෙක් ගමන් කරමින් සිටි පොලිස් ජීප් රථයක් මෙලෙස පුද්ගලයෙක් විසින් පැහැර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් පැහැර ගත් ජීප් රථයේ ප්‍රදේශයේ පාළු ස්ථානය දමා ගොස් ඇති බවද පොලිසිය කියා සිටියා.
ආරවුලක් සම්බන්ධයෙන් 119 ක්ෂණික දුරකථන අංකයට ඇමතුමක් ලැබී තිබෙනවා.
ඒ අනුව පන්නගමුව ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ගොස් තිබෙනවා.
එහිදී මෙම ජීප් රථය පැහැර ගැනීමට ලක්ව ඇති අතර ජීප් රථය පැහැර ගත් සැකකරු අද දහවල් පොලිසිය වෙත භාර වී ඇති බවද වාර්තා වනවා.