පොලිස් කොස්තාපල්වරියකට පරුෂ වචනයෙන් බැණවැදී ඇයට ලිංගික අඩන්තේට්ටම් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට පත් තංගල්ල පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති රුපියල් දස දහසක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත නිදහස් කරන ලෙස තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ජුලි 15 වනදා නියෝග කර තිබෙනවා.
මෙලෙස ඇප මත නිදහස් කෙරුණේ තංගල්ල පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ උප පොලිස් පරීක්ෂක රංගන නමැති නිලධාරියායි.
සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා විසින් තංගල්ල පොලිසියේ දූෂණ මර්දන අංශයට අනුයුක්තව රාජකාරී කරනු ලැබූ කාන්තා පොලිස් කොස්තාපල්වරියකට පරුෂ වචනයෙන් බැන වැදී ඇයට ලිංගික අඩන්තේට්ටම් සිදුකර ඇතැයි ඇය විසින් මේ පිළිබඳ පසුගිය 12 වනදා තංගල්ල සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
ඒ අනුව විමර්ශන ආරම්භ කළ තංගල්ල ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් අදාළ සැකකාර උප පොලිස් පරීක්‍ෂකවරයා 14 වැනි දින සවස අත්අඩංගුවට ගෙන 15 වැනි දින සවස තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ තංගල්ල මහේස්ත්‍රාත්වරයා සැකරකැ රුපියල් දස දහසක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙක්ක මත මුදාහරින ලෙස නියෝග කළා.
උපුටා ගැනීම: මව්බිම පුවත්පත