කැබිනට් තීරණයක් මගින් නිත්‍ය පොලිස් සේවයට අන්තර්ග්‍රහණය කර සිටි පොලිස් සහායක සේවා අංශයේ සේවය කළ පොලිස් අධිකාරිවරියකගේ සහ සහකාර පොලිස් අධිකාරිවරුන් සිවුදෙනකුගේ මූලික අයිතිවාසිකම් ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් උල්ලංඝනය කර ඇති බවට නිගමනය කළ ශ්‍රේෂ්ඨාධිකරණය 2023 මාර්තු මස සිට ක්‍රියාත්මක වන පරිදි ඔවුන් පස්දෙනා වහාම නියෝජ්‍ය පොලිස්පති ධුරයේ පිහිටුවන ලෙසට ජාතික පොලිස් කොමිෂන් සභාවට නියෝග කොට තිබෙනවා.
කාන්තා පොලිස් අධිකාරි කේ. බී. සේනාරත්න සහ සහකාර පොලිස් අධිකාරිවරුන් වන දේවප්‍රිය අබේගුණවර්ධන, එස්. බී. පී. එම්. පී. ජී. වයි. බණ්ඩාර, තාරක සෙනවිරත්න හා පී. එම්. කේ. පී. ගුණවර්ධන යන පොලිස් නිලධාරීන් පස්දෙනා විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් විභාගයක් පැවැත් වූ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 25දා එකී නියෝගය කළේය. හිටපු අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුමුදුනි වික්‍රමසිංහ යන විනිසුරු දෙපළගේ එකඟත්වය ඇතිව විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් මහතා එම තීන්දුව ලියා ප්‍රකාශයට පත් කර තිබිණි. ජ්‍යෙෂ්ඨත්වය හා කුසලතාවලට අදාළව සුදුසුකම් සපුරා තිබියදීත් හිමිවිය යුතු උසස්වීම් ලබානොදීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට නිගමනය කරන ලෙස ඉල්ලා පොලිස් සහායක සේවා අංශයේ සේවය කරන කාන්තා පොලිස් අධිකාරිවරිය ඇතුළු සහකාර පොලිස් අධිකාරිවරුන් එම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර තිබුණා