පොලිතීන් බෑග් සඳහා වෙළෙඳසැල් මඟින් මිල අයකිරිමක් සිදුකළ යුතු බවට වන ගැසට් නිවේදනය අද සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව මින් ඉදිරියට පාරිභෝගිකයන්ට භාණ්ඩ අලෙවිකිරීමේදී එම වෙළෙඳසැල් විසින් ෂොපිං බෑග් වැනි අතලු සහිත පොලිතීන් බෑග් සඳහා මිලක් අයකළ යුතු වනවා
පොලිතින් භාවිතය තුළින් පාරිසරික විනාශයක් සිදුවන හෙයින් පොලිතීන් බෑග් භාවිතය අඩු කිරීමේ අරමුණ ඇතිව මෙම පියවර ගෙන තිබෙනවා.
මින් ඉදිරියට වෙළඳසැල්වලින් පොලිතින් බෑග් නොමිලයේ නිකුත් නොකරනු ඇති













