පොල් ගෙඩියක් හිසමතට වැටීමෙන් වයස අවුරුදු දෙකක් පමණ වන කුඩා දරුවෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වෙන්නප්පුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
අනතුරෙන් තුවාල ලැබූ දරුවා පළමුව මාරවිල රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
එලෙස කොළඹ ජාතික රෝහලට ඇතුළත් කොට ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම දරුවා එම අනතුරට මුහුණ දී ඇත්තේ තම දෙමාපියන්ගේ සේවා ස්ථානයට ගොස් සිටි අවස්ථාවේදීයි.
මියගිය දරුවාගේ දෙමාපියන් වෙන්නප්පුව, බණ්ඩිරිප්පුව ප්‍රදේශයේ පොල් මට්ටා කැබලි කරන නිවසක සේවය කරන බවයි වාර්තා වන්නේ.
සිදු වූ අනතුරත් සමගින් සිහිසුන් වූ දරුවා මාරවිල රෝහලට රැගෙන ගියමුත් ඔහුගේ තත්ත්වය බරපතල බැවින් කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.
කෙසේ වෙතත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවා පසුදා උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එලෙස ජීවිතක්ෂයට පත්වූ තම පුතනුවන්ගේ අවසන් කටයුතු කර ගැනීමටවත් දෙමාපියන්ට වත්කමක් නොමැති බවයි වාර්තා වන්නේ.
එම නිසා දරුවාගේ අවසන් කටයුතු කොළඹ ජාතික රෝහලෙන්ම සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.