හැටන් නගරයේ බේකරියකින් ආහාරයට ගත් පෙති කපා අසුරුම් කරන ලද පාන් ගෙඩියක එම බේකරියේ සේවයේ නියුතු සේවකයෙකුගේ ඇගිල්ලක තුවාලයක සමේ කොටසක් තිබී පාරිභෝගිකයෙකුට ඊයේ(25) දින හමුව තිබෙනවා.
ඊයේ(25) රාත්‍රී ආහාරය සඳහා එම බේකරියෙන් රු. 180ක මුදලක් ලබාදී පෙති කපා ඇසුරුම් කරන ලද පාන් ගෙඩියක් මිලදී ගෙන එය ආහාරයට ගැනීමේදී පාන් පෙත්තක ඇඟිල්ලක තුවාලයක සමේ කොටසක් තිබී හමුවීමත් සමග එම පාරිභෝගිකයට පාන් පරිභෝජනයට නොගෙන එම පාන් රාත්තල සහ ඇඟිල්ලක තුවාලයක සමේ කොටස හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත ලබාදී තිබෙනවා.
ඇඟිල්ලක තුවාලයක සමේ කොටස පරීක්ෂා කළ හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියා සිටියේ එම බේකරියේ නිෂ්පාදන කටයුතු අපිරිසිදු ආකාරයෙන් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් එම බේකරියේ හිමිකරුට එරෙහිව මීට ප්‍රථම අවස්ථා කිහිපයකදී හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා දඩ මුදල් අය කරගෙන ඇති බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන්ද බේකරියේ අයිතිකරුට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළිත් නඩු කිහිපයක් පැවරීමට පියවර ගන්නා බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කියා සිටියා.