විචිත්‍ර ධර්ම කථික, පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් අද දහවල් කොළඹ ජාතික රෝහලේදී අපවත් වී තිබෙනවා. වසර එකහමාරකට ආසන්න කාලයක් කොළඹ ජාතික රෝහලේ උන්වහන්සේ ප්‍රතිකාර ලබූවේ දීර්ඝ කාලයක් තිස්සේ පැවති අසනීප තත්ත්වයක් හේතුවෙන්.
උන් වහන්සේ අපවත් වන විට 62 හැවිරිදි වියේ පසුවුණා. ප්‍රතිකාර ලබමින් සිටියදී උන් වහන්සේ අද දහවල් අපවත් වූ බවයි එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සඳහන් කළේ.
පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන්ගේ දේහය දොම්පේ කල්‍යාණ ධර්මාශ්‍රමයේ තැන්පත් කර තැබීමට නියමිතයි.