පුරාවස්තු හා පුරාවිද්‍යාව පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණින් වැඩ සටහනක් ආරම්භ කර තිබෙනවා .
එම වැඩසටහන නම් කර ඇත්තේ පුරාවිද්‍යා දෙසතිය නමින්
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසුවේ පුරාවිද්‍යා දිනය නිමිති කර ගනිමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක බවයි .
මෙම වැඩසටහන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් සංවිධානය කර තිබෙනවා .
ඒ තුලින් සෑම පළාතකම සහ දිස්ත්‍රික්කයකම පුරාවිද්‍යා කාර්යාල හරහා පාසල් සිසු දරුවන්, රාජ්‍ය නිලධාරීන් සහ පුරාවිද්‍යාව පිළිබඳව
උනන්දුවක් දක්වන කණ්ඩායම් සඳහා දැනුවත් කිරීමේ සම්මන්ත්රණ සහ වැඩසටහන් සිදු කිරීමට නියමිතයි.
පුරාවිද්‍යාව, උරුම කළමනාකරණය, පුරාවස්තු ආරක්ෂා කර ගැනීම, එහි නෛතික පදනම පිළිබඳව මෙහිදී දැනුවත් කෙරෙනවා