පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදු කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ නිකවැරටිය පොලිස් වසමේ පින්නපොලේගම ප්‍රදේශයේ පුද්ගලික ඉඩමක් තුළ සිදු කළ කැණීමකදියි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20, 32 හා 51 යන වයස්වල පසුවන නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලිසිය සදහන් කළේ.
නිකවැරටිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
උණුසුම් පුවත්
- ඔත්තේ ඉරට්ටේ ක්‍රමයට අද සිට QR එකට ඉන්ධන
- වියළි ගංජා සමග දෙදෙනෙක් අල්ලයි
- නිති විරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට
- කිරිඳිවැල පුද්ගල ඝාතනයක්
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි තද වැසි
- සෑම සතියකම බදාදා දිනය රජයේ විශේෂ නිවාඩු දිනයක්..
- ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
- රනිල් සිංගප්පූරුව බලා පිටත්ව යයි














