මහරගම අපේක්ෂා රෝහල ඇතුළු දිවයිනේ රෝහල් රැසක ඖෂධවල හිඟයක් තිබෙන බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීනි නීතිඥ චමින්ද්‍රාණි කිරිඇල්ල මහත්මිය, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාට ප්‍රශ්නයක් යොමු කරමින් පාර්ලිමේන්තුවේදී පවසන ලදී.
එහෙත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා පැවසුවේ මහරගම අපේක්ෂා රෝහලේ ඖෂධ ලොකු හිඟයක් නැති අතර සමහර ඖෂධ හිඟ වුවත් දේශීයව මිලදී ගැනීමට රෝහල් අධ්‍යක්ෂවරයාට මුදල් සහ අවසරය ලබා දී ඇති බවයි.
සමහර ඖෂධ පොදුවේ නොදෙන බවත් ඒවා ලබාදෙන්නේ රෝගියාගේ නමට බවත් ඔහු පවසන ලදී.
දැනට නොමැති ඖෂධ පවා ලබා ගැනීමට සුදුසු ක්‍රමයක් සකස් කර ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන ලදී.