චීන මහජන විමුක්ති හමුදාවේ දකුණු විධානයේ නාවික බලවේගය පසුගිය දිනවල දකුණු චීන මුහුදේ නිත්‍ය මුර සංචාර සිදු කර තිබෙනවා.
ඒ පිලිපීනය විදේශ රටවල් කැඳවා “ඒකාබද්ධ මුර සංචාර” සංවිධාන කිරීමට ප්‍රතිචාර වශයෙන්.
පිලිපීනය දකුණු චීන මුහුදු ප්‍රදේශවල කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කරමින් සිටින බව චීනයේ දකුණු විධානයේ ප්‍රකාශක ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ කර්නල් Tian Junli මහතා ප්‍රකාශ කළා.
එය කලාපීය සාමය සහ ස්ථාවරත්වය අඩපණ කිරීමක් බවයි ඔහු පැවසුවේ.
අදාළ විධානයේ හමුදා අංශ ඒ පිළිබඳ දැඩි අවධානයෙන් සිටින බව Tian Junli මහතා එහිදී පෙන්වා දුන්නා.