නීති විරෝධී පිරමීඩාකාර යෝජනා ක්‍රමයක් පවත්වාගෙන යාම පිලිබදව චෝදනාවකට අදාලව සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා .
මෙම ප්‍රකට පිරමීඩාකාර යෝජනා ක්‍රමය ප්‍රවර්ධනය කිරීම හා එය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් වූ චෝදනා ද අදාළ සැකකරුවන්ට එල්ල වී ඇති බවයි වාර්තාවන්නේ .
අදාළ සැකකරුවන්ව අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා නියෝග කළේ ඔවුන්ව රක්ෂිත බන්ධනාගාරගත කර කිරීමටයි.
පොලිස්පතිවරයා වෙත ලැබී තිබූ තොරතුරකට අනුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් සිදු කරන ලද විමර්ශනයකින් පසු මෙම පිරිස අත්අඩංගුවට ගනු ලැබුවා.
සැකකරුවන් පිරිස මෙම මුල්‍ය වංචාව සිදු කර ඇත්තේ සූර්ය පැනල නිෂ්පාදන අලෙවි කරන මුවාවෙන් පිරමිඩාකාර මුල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් .
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 40ත් 64ත් අතර වයස්වල පසුවන රත්මලාන, පන්නිපිටිය, ගල්නෑව, හෝකන්දර, පේරාදෙනිය හා කොළඹ 04 ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.
ඔවුන් අදාළ සමාගමේ අධක්ෂකවරුන් සහ ප්‍රවර්ධන නිලධාරින් බවයි වාර්තා වන්නේ .
සමාගමේ අධ්‍යක්ෂකවරුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා මහා බැංකුවේ ලියාපදිංචි නොකළ අනීතික සමාගමක් පවත්වාගෙන යමින් මුදල් වංචාවක් කිරීමට අදාලවයි .
මේ පිළිබද වැඩිදුර විමර්ශන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් සිදු කරනු ලබනවා.













