සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකුගේ ප්රධානතම ගෝලයෙකු ලෙස හැදින්වෙන පියුම් හස්තික නොහොත් පියුමා ලබන මස 19 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොටුව ප්රධාන මහේස්ත්රාත් අධිකරණය නියෝග කළා.
සැකකරු සම්බන්ධයෙන් ත්රස්තවාදය වැළැක්විමේ පනත යටතේ සිදුකළ විමර්ශන අවසන් බවත් උද්ධෘත නීතිපති උපදෙස් සඳහා යොමුකළ ද මෙතෙක් ලැබී නැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියා.
මේ අතර නාමල් කුමාර සහ අසේල නුවන් රාජපක්ෂ යන අය ලබන 11 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
අගරදගුරු හිමියන්ට අපහාස කිරීම සහ කතෝලික ජනතාව කෝප ගැන්වෙන අයුරින් ප්රකාශ නිකුත් කිරිමේ චෝදනාවටයි ඔවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණේ.