වීසා නොමැතිව දීර්ඝ කාලයක් කුවේට් රාජ්‍යයේ රැඳී සිට පිටුවහල් කළ මෙරට ගෘහ සේවක සේවිකාවන් 28 දෙනෙකු අද දින යළි කටුනායක ගුවන්තොටුපලෙන් දිවයිනට පැමිණ තිබෙනවා.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් මෙම පිරිස දිවයිනට පැමිණ ඇති බව සදහන්.
මෙයින් වැඩි පිරිසක් අනුරාධපුර, පොළොන්නරුව දිස්ත්‍රික්කවල පදිංචිකරුවන් බවටයි අප ගුවන්තොටුපල වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියේ.











