ප්‍රංශයේ පැවැත්වෙන පැරිස් සංසදයට සමගාමීව පැරිස් සමාජයේ සම සභාපති විලියම් රූස් මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අතර හමුවක් සිදු විය.
එහි දී නිල ණය හිමියන්ගේ කමිටුව සහ එහි සාමාජිකයින් සමඟ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම අත්සන් කිරීමේ වැදගත් සන්ධිස්ථානයට එළැඹීම දක්වා ප්‍රංශය සහ පැරිස් සමාජ ලේකම් කාර්යාලය විසින් ශ්‍රි ලංකාවට ලබා දුන් සහයෝගය රාජ්‍ය අමාත්‍යවරයා අගය කර තිබේ.