හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.
සමන් ඒකනායක මහතාව කැඳවා තිබුණේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ සිදුකළ පෞද්ගලික සංචාරයක් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ෂණයකට අදාළවයි.
සංචාරය සිදුකර තිබෙන්නේ 2023 වසරේ සැප්තැම්බර් මස 22 සහ 23 යන දිනවල.
පැය 5කට ආසන්න කාලයක් සමන් ඒකනායක මහතා එහිදි ප්‍රකාශ ලබාදී තිබෙනවා.