පාස්කු ප්රහාර මාලාවට අදාළව මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් එල්ල කළ මොහොමඩ් මුබාරක් නැමැත්තාගේ බිරිඳ ඇප මත මුදාහැර තිබෙනවා.
කොටුව මහේස්ත්රාත් තිලිණ ගමගේ මහතා අද නියෝග කර ඇත්තේ රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකාරිය මුදා හරින ලෙසයි.
මෙලෙස ඇප මත මුදා හැරියේ අයේෂා සිද්ධිකා මොහොමඩ් වසීම් යන කාන්තාවයි.
නීතිපතිවරයාගේ උපදෙස් මත සැකකාරිය මුදා හැරීමට උපදෙස් ලබාදී ඇති බවයි මෝසමක් ගොනුකරමින් ඇයගේ නීතිඥවරුන් අධිකරණයට දැනුම් දී තිබුනේ.
ඒ අනුව ඇය මුදා හරින ලෙසට කොටුව මහේස්ත්රාත්වරයා නියෝග කර තිබෙනවා.