දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 45න් සම්මත වුණා.
ඊට අදාළ ඡන්ද විමසීමේදී අදාළ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 103ක් හිමිවු අතර, කෙටුම්පතට විරුද්ධව හිමිවුණේ ඡන්ද 58ක් පමණයි.
මෙහිදී සමගි ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය, ජාතික ජන බලවේගය මෙන්ම, විමල් වීරවංශ, ජී.එල්.පීරිස්, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, දයාසිරි ජයසේකර ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් විරුද්ධව ඡන්දය භාවිතා කළා.
මේ අතර පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස්වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගෙන එනු ලැබූ විස්වාස භංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මේ සදහා වන විවාදය අද තෙවන දිනටත් පෙරවරු 09.30 සිට පස්වරු 5 දක්වා පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
ඒ අනුව විශ්වාස භංග යෝජනාව පිළිබද ඡන්ද විමසීම පස්වරු 5ට පැවැත්වීමට නියමිතයි.





 


 







 
								