පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස්වුණා.
අද පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
අනතුරුව සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත්ව තිබෙන විශ්වාසභංග යෝජනාව පිළිබද තෙදින විවාදයට අද දිනයේදී ආරම්භ කිරීමට නියමිතයි.
අද දිනයේ විවාදය පෙරවරු 10.30 සිට පස්වරු 4.30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
මේ අතර දේශීය ආදායම් සහ සමාජ ආරක්ෂණ දායකත්ව බදු සංශෝධන පනත් කෙටුම්පත අද සහ හෙට පස්වරුවේ විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා.
මෙම තීරණය ගනු ලැබුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදියි.
ඒ අනුව පස්වරු 4.30 සිට පස්වරු හත දක්වා අදාළ කෙටුම්පත් සම්බන්ධයෙන් විවාදය පැවැත්වෙන අතර, ඡන්ද විමසීම හෙට පස්වරු 7.30 ට පැවැත්වීමට නියමිතයි.
උණුසුම් පුවත්
- හැටන්හි ඉන්ධන පිරවුම්හල් වසා දමයි
- ග්ලාස්ගෝ වතුයායේ නිවසක් සම්පූර්ණ ගින්නෙන් දැවෙයි
- සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
- සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
- බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
- අද සවස 1න් පසු වැසි ලැබෙන පැති මෙන්න
- ඉතාලි රැකියා පෙන්වා මුදල් ගැරූ කතක් අත්අඩංගුවට
- යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ














