පාතාල කණ්ඩායම් සිය ප්‍රතිවාදීන් බන්ධනාගාර තුළදී ඝාතනය කිරීමට මේ වන විට උත්සාහ දරමින් සිටින බව ආරක්ෂක අංශ අනාවරණය කරගෙන තිබෙනවා.
අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරය තුළදී රැඳවියන් දෙදෙනෙකු විසින් තවත් රැදවියෙක් තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමට උත්සාහ දැරීමේ සිදුවීමක් පසුගිය දා වාර්තා වුනා.
දෙවුන්දර විෂ්ණු දේවාලය අසලදී වෙඩි තබා ඝාතනය කෙරුණු තරුණයෙකුගේ සොහොයුරෙකු මෙලෙස ඝාතනය කිරීමට තැත් කර ඇති බවයි සදහන් වන්නේ.
එහිදී එක් රැඳවියෙකු තුවාල ලැබූ අතර ඔහු ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.
එම තරුණයන් දෙදෙනා ඝාතනය කිරීම, අපරාධකරුවකු වන දෙහිබාලේ නැමැත්තා මෙහෙයවා තිබූ අතර මෙම ඝාතන තැත ද ඔහු මෙහෙයවා ඇති බවටයි අණාවරණය වී ඇත්තේ.
බන්ධනාගාරය තුළදී ආහාර ලබාදෙන ඇලුමිනියම් පිඟානකින් සැකසූ තියුණු ආයුධයකින් එම රැඳවියන් පහරදීම සිදුකර තිබෙනවා.
උණුසුම් පුවත්
- තාවි සමරවීර වසරේ ප්‍රථම ජාත්‍යන්තර රන් පදක්කම හිමිකර ගනී
- රුසියාවට වසර 60කට පසු දරුණු හිම පතනයක්
- අධ්‍යාපන ප්‍රතිසංස්කරණ නතර නොකරන බවට ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
- ජාතික නිදහස් සමරු උළෙල කොළඹ නිදහස් චතුරස්රයේදී
- බිත්තර මිල ශීඝ්‍රයෙන් පහළට
- යේමනය දරුණුතම ආහාර අර්බුදයක
- “කුෂ්” තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට
- මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13ක් නාවික භාරයට










