පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමා එන අතර සුළගේ වේගය පැයට කිලෝමීටර 35 ත් 45ත් පමණ විය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව සදහන් කළේ.
කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 60 දක්වා ඉහළ යා හැකියි.
හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50 ක් 55 ක් පමණ දක්වා ඉහළ යා හැකි බවද එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් පවසනවා.
කල්පිටිය සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු වීමේ අවධානමක් පවතිනවා.
මෙම මුහුදු ප්‍රදේශවල යාත්‍රාකරන ධීවර සහ නාවික ප්‍රජාව අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව දැනුම් දී සිටින්නේ.
හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ කන්කසන්තුරය සිට මුලතිව් හරහා ත්‍රිකුණාමලය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශත් විටින් විට රළු වීමේ අවධානමක්ද පවතිනවා.
උණුසුම් පුවත්
- ගම්පහ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති අත්අඩංගුවට
- බස් රථයක් පෙරළී 14ක් රෝහලට
- හක්ගල මල් වත්ත යළි විවෘත කෙරේ
- ශ්‍රී ලාංකිකයෙක් ජපානයේදී අත්අඩංගුවට
- හික්කඩුව නගර සභා අයවැය තෙවැනිවරටත් පරාදයි
- අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් අනතුරට ලක්වෙයි
- දෙස් විදෙස් සංචාරකයන්ගෙන් අඹේවෙල ස්ටේෂම පිරෙයි
- පුත්තලම් යන්න ගිය ලොරිය අඩි 40ක් පල්ලමට යයි













