බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි.
උතුරු පළාතේත් අනුරාධපුරය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය වන ව එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබුණා.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විට පැ.කි.මී. 50-60 ත් අතර පමණ තද සුළං ඇතිවිය හැකියි.
තද සුළං වලින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
උණුසුම් පුවත්
- ප්‍රසන්න රණතුංගට ඇප
- ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්රතිචක්රීයකරණයට විශේෂ වැඩසටහනක්
- ගොවීන් අස් වැද්දවූ ඔප්පු සහිත ඉඩම් රක්ෂිත කරලා
- දෙවියන් වදින්න යද්දි දෙවියන් ළඟ හඳුන් දිවියෙක්
- නාවලපිටිය නගර සභාවේ අයවැය ඒකමතිකව සම්මතයි
- කොටගල ප්‍රදේශීය සභාවේ අයවැය සම්මතයි
- චීනයේ අලුතින් විවෘත කළ පාලමක කොටසක් කඩා වැටෙයි
- කොටහේන වෙඩි තැබීමේ සිද්දිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට












