ප්‍රථම කාන්තා රෙජිස්ට්‍රාර් ජනරාල්වරිය ලෙස සසිදේවී ජලදීපන් පත්ව තිබෙනවා.
මෙය මෙරට රාජ්‍ය සේවයේ ඉහළ තනතුරුවලට කාන්තාවන් පත්වීමේ නව ප්‍රවණතාවක් ලෙස වාර්තාවෙනවා.
අවුරුදු 160කට වැඩි ඉතිහාසයක් සහිත රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ප්‍රථම කාන්තා රෙජිස්ට්‍රාර් ජනරාල්වරිය ලෙසයි සසිදේවී ජලදීපන් පත්ව ඇත්තේ.
රෙජිස්ට්‍රාර් ජනරාල් තනතුරට පත් සසිදේවී ජලදීපන් රාජ්‍ය සේවයට එකතු වෙන්නේ 2003 වසරේදීයි.
ත්‍රිකුණාමල (2006) සහ දිඹුලාගල (2015) ප්‍රාදේශීය ලේකම් ලෙසත්, අමාත්‍යාංශ කීපයකම ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියක ලෙසත් ඇය කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.
නව තනතුරට පැමිණීමට පෙර ජලදීපන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරියක ලෙසද සේවය කර තිබෙනවා.