උතුරු, උතුරු-මැද, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලට අද පසුවරුවේ වැසි වාර කිහිපයක් ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තුමේන්තුව සදහන් කළේ පස්වරු 2.00 න් පසුව එම පළාත් වල වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකි බවයි.
මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිලිමීටර 50 ට වැඩිතද වැසි ඇතිවිය හැකියි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති වන බව එම නිවේදනයේ වැඩි දුරටත් දක්වා තිබුණා.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසියි එම දෙපාර්තුමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.
උණුසුම් පුවත්
- කඩුගන්නාව මාර්ගය සම්බන්ධයෙන් දැනුම් දීමක්
- කිරිදි ඔයේ ජල මට්ටම ඉහළට
- ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යට වෙයි
- ආපදා හේතුවෙන් සිදු වූ මරණ ගණන ඉහළට
- ආණ්ඩුවෙන් ගම සංවර්ධනයට පමණක් රු.මිලියන 180000ක් වෙන්කරයි -VIDEO
- තවත් ප්‍රදේශ කිහිපයකට ගං වතුර අනතුරු ඇගවීම්
- අදත් මිලිමීටර 100 ට වැඩි වැසි
- වතුකම්කරුවන්ගේ පමණක් වැටුප් ඉහළ දැමීමේ තීරණය අසාධාරණයි













