පළාත් පාලන ආයතන ද ඉදිරියේදී විධායකයේ පාලනයට නතුවීමේ අවධානමක් මතුව ඇතැයි මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය පවසනවා.
එහි මෙහෙයුම් ප්‍රධානී ඩී.එම් දිසානායක මහතා කියා සිටියේ පාර්ලිමේන්තුව සහ පළාත් සභා ද මේ වන විට විධායකයට නතුව ඇති බවයි.
කෙසේවෙතත් කඩිනමින් මැතිවරණය පවත්වා පළාත් පාලන ආයතන, මහජන නියෝජිත ආයතන බවට පත් කිරීමේ වගකීම රජය සතු බව ද දිසානායක මහතා සඳහන් කළා.
පළාත් පාලන මැතිවරණය ප්‍රමාද වීම සම්බන්ධයෙන් ප්රජාතාන්ත්රීය සහ මැතිවරණ අධ්‍යන ආයතනයේ විධායක අධ්යක්ෂ මංජුල ගජනායක මහතා ද අදහස් පලකළා.
ඔහු කියා සිටියේ පළාත් සභා මැතිවරණය මෙන්ම පළාත් පාලන මැතිවරණය ද අතුරැදන් වීමේ අවධානමක් මතුව ඇති බවයි.