පළාත් කිහිපයකට අද දිනයේදී තද වැසි ඇතිවිය හැකි බව කාලාගුන විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව සදහන් කළේ .
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මෙලෙස තද වැසි අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.